Mango town
අපි සරසවියේ මුහුණත ලෙසින් හැගෙන පැරණි පාර්ලිමේන්තු වාස්තු නිමැවුම සිහිගන්වන ගාම්භීර ගොඩනැගිල්ල දෙස මද වේලාවක් නෙත් යොමා බලා සිටියෙමු. ඉනික්බිතිව කාරයෙන් ඉවතට පැමිණ උදෑසන පින්නෙන් ළහිරු කිරණින් ප්‍රමෝදයට පත් වටපිටාව රිසිසේ විදගතිමු. ගමන් විඩාව හිරු දුටු පිණි මෙන් මොහොතින් අතුරුදන් විය.. සරසවි යුවතියෝ පෙළක් දිගු සාය වලින් සැරසී පෙළට ගමන් කරනු පෙනුණි. තවත් මෝටර් රථ පෙලක් සරසවි ගේට්ටුවලින් කාපට් පාර ඔස්සේ පැමිණ අමුත්තන් සේ අපඅසල ඔබ මොබ ඇවිද යන්නට විය, දෙමාපියන් නැදෑ හිතවතුන් සහෝදර සහෝදරියන් සමග මගේ අනාගත මිතුරු මිතුරියන් මෙලෙස නුහුරු නුපුරුදු නැවුම් නැවතුම ඉවකරමින් සිටී.
පරිපාලන නිළදාරීන් අපව සුහදව පිළිගෙන ලියකියවිලි භාරදීම සදහා පර්පාලන ගොඩනැගිල්ලේ කවුන්ටර වෙත අපව යොමු කෙරුණි. අම්මාත් තාත්තාත් මල්ලිලාත් මා අසළම විය. කාරය පදවාගෙන පැමිණි හර්සක අයියා වාහනයේ නතර විය. කවුන්ටර වෙත පෝලිමට යන අවස්ථාවේ මට ඉදිරිපසින් මදක් උසමහත කලු පුලුල් නලලකින් යුත්නවක සරසවි සගයෙකු මට මුණ ගැසුනි.
"මම ඕෂධ බණ්ඩාර..රත්නපුරේ ඉදල ආවේ..උඹ කොහෙද මචං.." ඝඹුරු හඩකින් ඔහු මා ඇමතීය..
"මම සදරු .. ගම්පහ මචං.."
"නියමයි මචං අපි එහෙනම් හොස්ටල් පැත්තට යමු.." ඔහු කීවේය.
ඕෂධ පැමිණ සිටියේ අම්මාත් තාත්තාත් සමගය. ඔවුන්ටද සිනාසී සමුගෙන අපි පාරෙන් අනෙක් පැත්තේ මීටර ඩෙතුන් සීයක් ඇතුලතින් වූ හොස්ටල් පෙදෙස වෙත ගියෙමු.. එය කුඩා නගරයක් සිහිගන්වන්නකි. තට්ටු 4 නිවාස සංකීර්ණ දුසිමක් පමණ පාර දෙපැත්තේ විශාල භූමි භාගයක විසීරී පැතිරී තිබුණේ කොළඹ මහල් නිවාස සංකීර්ණ සිහිගන්වමිනි.
අපට ලැබී තිබුනේ අලුත්ම නේවාසිකාගාරයක ඉහළම මහලයි. 423 කාමර අංකයයි. කාමරයේ සිව්දෙනෙකු සදහා සකසන ලද්දකි. බෑග් ඉහළට ගෙන ඒමට යුහුසුලුව දුව පැන උදව් උපකාර කිරීමට අපගෙව් සීනියර් සහෝදරයන් ඉදිරිපත් විය. ඔවූහු ඉතා කුලුපගය..ඉතාමත් ඔනෑකමින් අපගේ සහයට නොමසුරුව අපගේ සහයට ඉදිරිපත් වී සිටී.
අලුත් කාමර සගයා මීට සුලු මොහොතකට පෙර මුණගැසුණු ඕෂධයි. අනෙක් සඟයා ශෙරංගයි. ශෙරංග කිරිඳිවැලයි. දෙමාපියෝ එකිනෙකා හදුනාහෙන ආගිය තොරතුරු කතාබස් කරමින් සිටියහ.
දැන් එලැඹී ඇත්තේ අපේ ගෙදර අයට සමුදෙන මොහොතයි. අම්මා කදුලු සලමින් සිටියාය. සැබැවින්ම එය සතුට දුක මිශ්‍රිත හැඟීමක් බව මට හැඟූනි. ගම්පහ ඉඳන් මිහින්තලේට උදේ හවස යාම ඒම අපහසුය. ඉදිරි සිව්වසර අලුත් නවාතැන එහෙනම් මෙතනයි.. මම අම්මාටත් තාත්තාටත් වැද සමුදුන්නෙමි.
මගේ ජීවිතයේ වෙනස්ම පර්ච්ඡේදය මෙලෙසින් ඇරඹුණු වගයි.. මුලින්ම අපි දුහුවිලි පිරුණු කාමරය සුද්ද පවිත්‍ර කරගෙන බෑග් අස්පා කරගෙන කැමති කැමති ආකාරයට ඇදන් වෙන් කර ගතිමු. තට්ටු ඇදන් වල ඉහළ නුහුරු බව නිසාම මම පහළ ඇදක් තෝරා ගත්තෙමි.
Comments
Post a Comment